Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොන්දේසි 3කට යටත්ව ගෘහස්ථ ගෑස් සිලින්ඩර අද සිට වෙළෙඳපොළට  

Add comments

තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත කොන්දේසි 3 කට යටත්ව අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළද පොළට නිකුත් කිරීම ආරම්භ වුණා.

මේ අතර ගෙවුණු පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පිපිරීමේ සිද්ධීන් ද වාර්තා වුණා.

දිවයිනේ ස්ථාන කීපයකින්ම තවත් ගෑස් ආශ්‍රිත සිදුවීම් කීපයක්ම වාර්තා වුණා.

නෝර්වුඩ් වතු යායේ නිවාස 2ක තිබූ සිලින්ඩර 2ම කාන්දුවී තිබෙනවා.

පන්නල හෙට්ටිරිප්පුව ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ආහාර පිසිමින් සිටියදී විශාල ශබ්ධයක් සමඟ පිපිරීමක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් එම අවස්ථාවේ ඇය හෙල්මට් එකක් පැළද සිටි නිසා කිසිදු අනතුරක් සිදු නොවූ බව අදාළ කාන්තාව පවසනවා.

ගෘහස්ථ ගෑස් වෙළෙදපොළට නිකුත් කිරීමේ දී කොන්දේසි තුනක් සම්පූර්ණ කළ යුතු බවට තාක්ෂණික කමිටුව නිර්දේශ කළා. ඒ අනුව පෙර ආනයනය කළ ගෑස් නිකුත් නොකිරීම, නව තොග නිකුත් කිරීමට පෙර නියමිත ප්‍රමිතියට අනුව ගද සුවද හදුනාගැනීම සදහා මර්කප්ටන් අඩංගු කිරීම සහ ගෑස් සිලින්ඩර් නිෂ්පාදන ක්‍රියාවලියේ දී සෑම සියයකින් එකක්ම පරීක්ෂාකර අනුක්‍රමික අංකයක් යොදා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ලබාදීම යන කොන්දේසිවලට යටත්වයි අද සිට ගෘහස්ථ ගෑස් වෙළෙදපොලට නිකුත් කෙරෙන්නේ.

කෙරවලපිටිය මුතුරාජවෙල පිහිටි ලිට්රෝ ගෑස් සමාගමට අයත් පර්යත්නයේදි ඒ සදහා අද පෙරවරුවේ පැවති සූදානමයි මේ.

මේ අතර ගෑස් අනතුරු ඉහළ යාම සම්බන්ධයෙන් ගෑස් සමාගම් දෙකෙහි සභාපතිවරුන් විශේෂඥ කමිටුව හමුවට කැදවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.

ගෑස් අනතුරු ඉහළ යාම සම්බන්ධව සොයා බැලීමට ජනාධිපතිතුමා සාමාජිකයන් අට දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂඥ කමිටුව පත් කළේ පසුගිය 30 වනදායි. එම අනතුරට හේතුව සහ වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග නිර්දේශ කරමින් සති දෙකක කාලයක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුව කටයුතු කළ යුතු වනවා.

මේ අතර ප්‍රමාණවත් බොරතෙල් සැපයුමක් නොමැතිවීම හේතුවෙන් පසුගිය මස 15 වනදා තාවකාලිකව නතර කෙරුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු හෙට  සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

 

The post කොන්දේසි 3කට යටත්ව ගෘහස්ථ ගෑස් සිලින්ඩර අද සිට වෙළෙඳපොළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG