අනුරාධපුර, පුත්තලම ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 4 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
නොච්චියාගම සිට අනුරාධපුර දෙසට ධාවනය කළ වෑන් රථයක් හා අනුරාධපුර සිට නොච්චියාගම දෙසට ධාවනය කෙරෙමින් තිබූ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. වෑන් රථයේ ගමන් කළ පිරිස තුවාල ලබා තිබෙනවා.
මංගල උත්සවයක මනාලිය හැඩගැන්වීමේ කාර්යය සදහා ගමන් කරමින් සිටි රූපලාවන්‍ය ශිල්පිනිය ඇතුළු පිරිසක් මෙම අනතුරට ලක්වුණා. අනතුරට ලක්වූ බස් රථය නාවික හමුදාවට අයත්.
The post රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – 4 දෙනෙකුට බරපතල තුවාල appeared first on ITN News.
Post a Comment