ඔමික්‍රෝන් වෛරසය හමුවේ කොරෝනා මර්දන එන්නත් සැඟවීමට උත්සාහ නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව ධනවත් රටවලින් ඉල්ලීමක් කරනවා.
ලොව ධනවත් රටවල් එන්නත් මාත්‍රා මිලියන ගණනක් සගවා ගනිද්දි ඇතැම් දුප්පත් රටවල සෞඛ්‍ය සේවකයින්ට පවා එක් එන්නත් මාත්‍රාවක් වත් ලබාදීම දුෂ්කර වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ලොව පුරා කොරෝනා එන්නත්කරණයේ අසමානතාව සමනය වීමක් පසුගිය මාස කිහිපය තුළ දක්නට ලැබුණා. ඒ ධනවත් රටවල් එන්නත් ප්‍රදානය කිරීමට පෙළඹීමත් සමගින්.
කෙසේ නමුත් ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ අනවශ්‍ය ලෙස එන්නත් එක්රැස් කිරීමෙන් තත්ත්වය වෙනස් වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙන්නේ.
The post ඔමික්‍රෝන් හමුවේ කොරෝනා මර්දන එන්නත් සඟවන්න එපා appeared first on ITN News.
Post a Comment