Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුහුණු ශ්‍රමිකයන්ට ජපන් රැකියා අවස්ථා  

Add comments

ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දු වන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාරගත් මිසුකොෂි හෙදකි (Mizukoshi Hideaki) මහතා ඊය‌ේ (09) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී ප්‍රකාශ කළා.

පසුගිය වසර කිහිපය තුළ අඩු නිපුණතා සහ නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට එළැඹ තිබේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන පරිදි නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේ වැඩසටහන (SSWRP) යටතේ ශ්‍රී ලංකාවෙන් ජපානයට ක්ෂේත්‍ර 14ක් යටතේ සේවකයින් බඳවා ගැනීමට අවසර දී ඇත. ජපන් භාෂාව ඉගෙන ගැනීමට මෙන් ම ජපානයේ රැකියා අවස්ථා සඳහා අපේ තරුණ ප්‍රජාව තුළ උනන්දුව වැඩි වෙමින් පවතින බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

සිය ධුර කාලය තුළ මෙරට ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට කැමැත්තෙන් පසු වන බව ද මිසුකොෂි හෙදකි මහතා පැවසුවා.
දැනට ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන ව්‍යාපෘති 75 ක් පමණ ක්‍රියාත්මක වේ.පසුගිය වසර 15ක කාලය තුළ ජපානය ඩොලර් මිලියන 382ක් පමණ ආයෝජන කර ඇති අතර එමඟින් රැකියා අවස්ථා 12,000 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කර තිබෙනවා.

ජපාන රජයේ දායකත්වය මත මෑතක දී විවෘත කළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නව ගුවන් යානා අංගනය සහ උප ධාවන පථය, කල්‍යාණි රන් පිවිසුම සහ මහනුවර නගර අපජල කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක්වුණා.

The post පුහුණු ශ්‍රමිකයන්ට ජපන් රැකියා අවස්ථා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG