ව්‍යාජ විදිහට කිරුම් මිණුම් සිදුකරන ව්‍යාපාරිකයින් වගේම ඔවුන්ගේ තරාදි ආදී කිරුම් මිනුම් උපකරණ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක වනවා.
වත්තල ඇලකන්ද ධිවර වෙළෙදසැල් ආශ්‍රිතව කළ විශේෂ වැටලීමක දී ව්‍යාපාරිකයින් සතු නීතිවිරෝධී තරාදි 12 ක් මෙසේ අත්අඩංගුවට ගැණුනා. මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සහ වත්තල පොලීසිය මැදිහත්වීමෙනුයි මෙම පරීක්ෂා කිරීම් සිදුකෙරුණේ.
ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට හා කිරුම් මිනුම් අධ්‍යක්ෂවරයාට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම වැටලීම සිදුකෙරුණා.
ප්‍රදේශයේ මස් හා මත්ස්‍ය අලෙවිසැල් 14 ක සිදුකළ මෙම පරීක්ෂාවේ දී එයින් 12 කම ව්‍යාජ හා බලපත්‍ර රහිත තරාදි තිබී හමුවුණා.
The post ව්‍යාජ කිරුම් මිනුම් උපකරණ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් appeared first on ITN News.
Post a Comment