ගලේවෙල ගල්වැටියාගම ප්‍රදේශයේ දී තමා සී සාමින් සිටි අත් ට්‍රැක්ටරයටම යටවී ගොවියෙකු මිය ගොස් තිබෙනවා.
මහා පරිමාණයෙන් වී සහ එළවලු වගාවන් සිදු කරන මෙම පුද්ගලයා තම නිවස පිටුපස කුඹුරේ සී සාමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව තිබෙන්නේ. අත් ට්‍රැක්ටරය පළමු ලියද්දට යොදවනවාත් සමඟම රෝද පැටලී ඉන් ඉවතට වැටුණු මෙම පුද්ගලයා එම නගුල් තලවලට යටවී ඇති අතර රියදුරු නොමැතිව අත් ට්‍රැක්ටරය මීටර් 200 ක් පමණ ධාවනය වී තිබෙනවා. රියදුරෙකු නොමැති අත්ට්‍රැක්ටරයක් ධාවනය වනු දුටු අවස්ථාවේ මේ පිළිබඳව සොයා බැලූ බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.
The post තමා සී සාමින් සිටි අත් ට්‍රැක්ටරයටම යටවී ගොවියෙකු මියයයි appeared first on ITN News.
Post a Comment