ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් අනාගතයේදී ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානයට වසර 3 ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කෙරුණේ මීට වසර 3 කට පෙරයි. සියලු තාක්ෂණික පහසුකම් පටිගත කිරීමේ පහසුකම් මෙන්ම නවීන අංගයන්ගෙන් සමන්විතවයි මෙය ආරම්භ කෙරුණේ. මෙරට දේශපාලන පක්ෂයක් සතු පළමු මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය මධ්‍යස්ථානය තුළින් පසුගිය මැතිවරණ කිහිපයේදීම මාධ්‍ය මෙහෙයුම් කටයුතු වඩාත් සාර්ථකව සිදු කෙරුණා. මාධ්‍ය මධ්‍යස්ථානයට වසර 3 ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවය අද පැවැත්වුණේ පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post පොදුජන පෙරමුණ තුළින් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා appeared first on ITN News.
Post a Comment