Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘එක් රටක් ක්‍රම දෙකක්’යටතේ හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී මාවත වඩා පුළුල් ඉසව්වකට  

Add comments

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය ‘එක් රටක් ක්‍රම දෙකක්’ යටතේ හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කරයි.

චීන රාජ්‍ය මණ්ඩල හොංකොං සහ මැකෞ කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශයෙක් ඊයේ (20) ප්‍රකාශ කළේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 7වැනි ව්‍යවස්ථාදායක සභා මැතිවරණය සාර්ථකව අවසන් වීම නිමිත්තෙන් එම ධවල පත්‍රිකාව නිකුත් කළ බවයි. කොංහි ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය පිළිබඳ එකඟතාවන් තවදුරටත් තහවුරු කොට හොංකොංහි යහපාලනය සඳහා නව තත්ත්වයක් නිර්මාණය කරමින් “එක් රටක් ක්‍රම දෙකක්” යන ප්‍රතිපත්තිය ස්ථීරව ඉදිරියට ගෙන යාමට එම ධවල පත්‍රිකාව විශාල වැදගත්කමක් දරන බව එම ප්‍රකාශකයා පැවසීය.

චීන මධ්‍යම රජය “එක් රටක් ක්‍රම දෙකක්” යන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් හා නිවැරදිව ක්‍රියාත්මක කරනු ඇති අතර, හොංකොං විශේෂ පරිපාලන කලාපයට එහි සැබෑ තත්ත්වයන්ට ගැලපෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සංවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව සහාය දෙනු ඇත. බාහිර බලවේග විසින් සිදු කරන ඕනෑම මැදිහත්වීමක් සහ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිෂ්ඵල වනු ඇතැයි ඔහු අවධාරණය කළේය.

චීන මධ්‍යම රජයේ තිරසර අනුග්‍රහය සහ විශේෂ පරිපාලන කලාපීය රජයේ ස්ථීර අධිෂ්ඨානය යටතේ, සෑම තරාතිරමකම ජනතාව සහයෝගයෙන් අත්වැල් බැඳගෙන නම්‍යශීලී සුහදතා නිසැකව නිර්මාණය කරනු ඇතැයි විශ්වාස කෙරේ. හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී මාවත වඩා පුළුල් වනු ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනය ඉතිහාසයේ නව යුගයක් උදා කරනු නිසැකය.

The post ‘එක් රටක් ක්‍රම දෙකක්’යටතේ හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී මාවත වඩා පුළුල් ඉසව්වකට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG