ගතවු පැය 24ට ලොව පුරා රටවල් 222කින් හමුවී ඇති කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ පනස් දහසකට ආසන්නයි.
ඊයේ දිනයේදී සිදුව ඇති මරණ සංඛ්‍යාව 4939ක්. වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 1019ක්. එමෙන්ම ඇමෙරිකාවේ දෛනික වාර්තා වන වයිරස ආසාදිතයින් සංඛ්‍යාව යළිත්වරක් ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24ට පමණක් එරටින් හමුවී ඇති අසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් තුන්දහස් පන්සිය තිහක්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව විසිහත් කෝටි පනස් අට ලක්ෂයට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් තුන් ලක්ෂ හැත්තෑ හය දහස් පන්සිය හැට හයක්.
The post ඊයේ වැඩිම කොරෝනා මරණ රුසියාවෙන් appeared first on ITN News.
Post a Comment