Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙම වසරේ දිල්ලි නගරයෙන් වාර්තා වූ අඩුම උදෑසන උෂ්ණත්වය අද දිනයෙන් වාර්තා වෙයි  

Add comments

ශීත ඍතුව උදාවීමෙන් පසු ඉන්දියාවේ දිල්ලි නගරයේ උදෑසන උෂ්ණත්වය අවම දිනය ලෙස අද දිනය වාර්තා අතරට එක් වුණා.

දිල්ලි නගරයේ අද උදෑසන උෂ්ණත්වය වාර්තා වුණේ සෙල්සියස් අංශක 3.1ක් ලෙසයි. මේ වසරේ දී දිල්ලි නගරයෙන් වාර්තා වූ අඩුම උදෑසන උෂ්ණත්වය ද මෙය වනවා. ඊයේ උදෑසන දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.6ක් ලෙස සටහන් වුණා. උතුරු ඉන්දියාව හරහා හමා යන ශීත තරංග හේතුවෙන් මෙලෙස උෂ්ණත්වය පහත වැටී ඇති බවයි ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිල්ලි නගරයට අමතරව පංජාබ් , පර්යානා , මධ්‍යම ප්‍ර දේශ් , තෙලගානා හා රාජස්ථාන් යන ප්‍රාන්තවලද උදෑසන උෂ්ණත්වය අවම වී තිබෙනවා. රාජස්ථාන ප්‍රාන්තයේ චූරු නගරයේ උදෑසන උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 0.5ක් ලෙසද කාශ්මිරයේ සෙල්සියස් අංශක ඍණ 5.8ක් ලෙසද සඳහන් වුණා. ඉදිරි දින කිහිපය තුළදී ඉන්දියාවේ උදෑසන උෂ්ණත්වය තවත් පහළ බසිනු ඇති බවට කාලගුණික දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. එමෙන්ම සීත ඍතුවේ දී මෙලෙස උෂ්ණත්වය පහල යෑම සාමාන්‍ය තත්ත්වයක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

 

 

The post මෙම වසරේ දිල්ලි නගරයෙන් වාර්තා වූ අඩුම උදෑසන උෂ්ණත්වය අද දිනයෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG