Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චිලි රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස ග්‍රේබියල් බොරික් තේරී පත්වෙයි  

Add comments

චිලි රාජ්‍ය යේ නව ජනාධිපතිවරයා ලෙස වාමාංශික කඳවුර නියෝජනය කරන ග්‍රේබියල් බොරික් තේරීපත් වුණා.

ග්‍රේබියල් බොරික් 56%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අතර විරුද්ධ පාක්ෂික ජෝස් ඇන්ටෝනියෝ ලබා ගැනීමට සමත් වුණේ 44%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස දේශපාලනයට පිවිස ග්‍රේබියල් බොරික් අද මෙම ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් බවයි විශ්ලේෂකයින් පවසන්නේ. 2019 වසරේ සිට චිලි රාජ්‍ය යේ ක්‍රියාත්මක රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ සඳහා මූලිකත්වය දැරූ පුද්ගලයෙකු ලෙස බොරිස් හැඳින්විය  හැකියි. එහිදී ඔහු ලද ප්‍රසිද්ධිය මෙම ජයග්‍රහණයට ඉවහල් වූ බවයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ. තිස් පස් වියැති බොරික් චිලි රාජ්‍ය යේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස ලබන වසරේ මාර්තු මාසයේ දී  ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

 

 

The post චිලි රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස ග්‍රේබියල් බොරික් තේරී පත්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG