Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔමික්‍රෝන් ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි  

Add comments

ඔමික්‍රෝන් කොරෝනා වයිරස්  ප්‍රභේදය නොසිතූ ආකාරයෙන් ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව  ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

මේ අතර තම සේවකයින් සඳහා නව නීති රැසක් හඳුන්වා දෙමින්  ගූගල් සමාගම පවසා ඇත්තේ එන්නත්කරණය සිදු කර නැත්නම් රැකියාවෙන් ඉවත් කරන බවයි.

ලොව පුරා රටවල් 77 කින් ඔමික්‍රෝන් කොරෝනා වයිරස ප්‍රභේදය වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

නව ප්‍රභේදය ආසාදනය වූවන් බරපතළ රෝග තත්ත්වයන් පෙන්නුම් නොකළද එහි ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස සිදු වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්නොම් ග්‍රෙබ් රේසියස් පවසන්නේ. නව වයිරස් ප්‍රභේදය පිළිබඳව රටවල් අවතක්සේරුවකින් ක්‍රියා නොකළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

එන්නත්කරණය අඩු වශයෙන් සිදු කිරීම තුළින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාමේ වැඩි වීමක් සිදු විය හැකියි. තවමත් රටවල් 41 ක් ජනගහනයෙන් සියයට දහයක්වත් එන්නත්කරණය සිදු කර නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා. රටවල් 98 ක් තවමත් ජනගහනයෙන් සියයට හතලිහක්වත් එන්නත්කරණය සිදු කර නැහැ. රෝගීන් වාර්තාවීම පාලනය සඳහා රටවල් කිහිපයක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් ඇතැම් රටවල් ඔමික්‍රෝන් ප්‍රභේදය ගණන් නොගෙන සිටීම කණගාටුවට කරුණක් බවත් ඔහු පෙන්වා දෙනවා.

 

The post ඔමික්‍රෝන් ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG