හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ දී හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්ෂිය නොකැඳවන බව නීතිපතිවරයා කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙනුයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. කෙසේ වෙතත් සිසිර මෙන්ඩිස් මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා ඉල්ලා සිටියේ සාක්ෂිකරු ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාවකට අනුව ඔහු සාක්ෂි දීමට සුදුසු තත්ත්වයකින් සිටින්නේ දැයි පරීක්ෂා කිරීම සදහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැදවන ලෙසයි. සිසිර මෙන්ඩිස් අධිකරණය හමුවේ සාක්ෂි දීමට හැකි තත්ත්වයක සිටින බව ඔහුගේ නීතිඥවරයා ද සදහන් කළා. එහෙත් සාක්ෂි දෙන අතරවාරයේ වරින් වර ඔහුට විවේක ගැනීමට සිදු වන බවයි ඔහු සදහන් කළේ.
කරුණු සලකා බැලූ ත්‍රි පුද්ගල මහාධිකරණය සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්ෂිය කැදවීමට තීන්දු කළා.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 18 වනදාට කල් තැබුවා.
The post සිසිර මෙන්ඩිස්ට සාක්ෂි දිය හැකිද? විනිසුරු මඩුල්ල වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment