ඔමික්‍රෝන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලිහිල් කළ සෞඛ්‍ය නීති නැවත ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය කටයුතු කර තිබෙනවා.
ඒ යටතේ නිවසේ සිට රාජකාරී ඉටු කිරීමට සහ පොදු ස්ථානවල මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කෙරුණා. රාත්‍රී සමාජ ශාලාවලට සහ විශාල ලෙස මහජන ඒකරාශිවීම් ඇති ස්ථානවල ඇතුලුවීමට එන්නත් කාඩ් පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. මෙය රටා වසා දැමීමක් නොවන බවයි අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා සිටියේ. ඔමික්‍රෝන් කොවිඩ් 19 වෛරසයේ හැසිරීම පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ අනුව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
The post බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය නීති දැඩි කෙරේ appeared first on ITN News.
Post a Comment