පසුගියදා ඇමරිකාවේ මිචිගන් ප්‍රදේශයේ පාසලක සිදුවූ වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය වෙඩි තැබීම සිදු කළ සිසුවාට දෙමව්පියන් ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවට හෙළිව තිබෙනවා.
වෙඩි තැබීමෙන් සිසුන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු තුවාල ලැබුවා. වෙඩි තැබීම සිදු කළ සිසුවාගේ දෙමව්පියන් ප්‍රදේශයෙන් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ. මනුෂ්‍ය ඝාතන යටතේ ඔවුන්ට නඩු පැවරූ අතර එම චෝදනා ප්‍රතික්ශේප කරන බවයි ඔවුන් උසාවියේ දී ප්‍රකාශ කළේ.
වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ත්‍යාගයක් ලෙස ලබාදී ඇති අතර මෙවැනි අපරාධයක් සිදුවීමේ අවස්ථාව මග හරවා ගැනීමට ඔවුන් කටයුතු නොකළ බවටද චෝදනා එල්ල වනවා. කෙසේ වුවද ඩොලර් ලක්ෂ පහක ඇප මත ඔවුන්ව නිදහස් කෙරුණා.
මේ අතර ඇමරිකාවේ සෙනට් මණ්ඩල සභිකයෙකු තම පවුලේ සාමාජිකයන් සමග ගිනි අවි අතැතිව ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර තිබුණා. ඇමරිකා වැසියන්ට සුබ නත්තලක් ප්‍රාර්ථනා කර තිබූ අතර නත්තල් තෑගි ලෙස ගිනි අවි සදහා උණ්ඩ ලබාදෙන ලෙසයි ඉල්ලා තිබුණේ.
The post මිචිගන් පාසැලේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ දෙමව්පියන්ගෙන් ත්‍යාගයක් ලෙස ලැබුනු ගිනි අවියෙන් appeared first on ITN News.
Post a Comment