කොරෝනා වයිරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ බ්‍රිතාන්‍ය පනවා ඇති නීති තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
නව නීති අනුව බ්‍රිතාන්‍යයට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු එරටට පැමිණීමට පැය 48 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර ගත යුතු වනවා. එය වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම අයෙකුට බලපාන බවයි වාර්තා වන්නේ. එමෙන්ම බ්‍රිතාන්‍යයට පැමිණ දින දෙකකට පසුවද PCR පරීක්ෂණයක් සිදු කර ගත යුතුයි. එම පරීක්ෂණය සිදු කර ගන්නා තෙක් බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලුම පුද්ගලයින් නිරෝධායනයට ලක්විය යුතුයි. තවද රතු දත්ත ලැයිස්තුවට ඇතුලත් කර ඇති රටවල සිට පැමිණෙන සියලුම පුද්ගලයින් දින 10 ක කාලයක් නිරෝධායනයට ලක් විය යුතු වනවා.
The post බ්‍රිතාන්‍යයේ කොරෝනා නීති දැඩි කෙරේ appeared first on ITN News.
Post a Comment