Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2021 වසරේ සාහිත්‍ය රත්න සම්මානය මහාචාර්ය සුනිල් ආරියරත්නට  

Add comments

2020 සහ 2021 වසරවලදී පලවූ හොදම සාහිත්‍ය කෘති සදහා සම්මාන පිරිනැමීමේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

2020 වසර සදහා හොදම සිංහල ස්වතන්ත්‍ර නවකතාව සදහා සම්මානය කැතලින් ජයවර්ධන විසින් රචනා කළ ඉවුරු ගග සිදී ගියදා කෘතියටත් 2021 වසරේ එම සම්මානය එරික් ඉලයප්ආරච්චි රචනා කළ මැස්සා කෘතියටත් හිමිවුණා. 2020 වසර සදහා හොදම ස්වත්‍රන්ත්‍ර කෙටිකතා සංග්‍රහය සදහා සුමුදු නිරාගි සෙනෙවිරත්න රචනා කළ සිතුවමෙන් නෙරපූ කිදුරෙක් කෘතියටත් 2021 වසරේ එම සම්මානය එරික් අලයප්ආරච්චි රචනා කළ කොළඹ දැනුම කෘතියටත් හිමිවුණා.

2020 වසරේ හොදම ස්වත්‍රන්ත්‍ර පද්‍ය සංග්‍රහයට හිමි සම්මානය එරික් ඉලයප්ආරච්චි රචනා කළ හම්බාවා කෘතියටත් 2021 වසරේ එම සම්මානය ටිම්රාන් කීර්ති රචනා කළ ඒ ජෙට් එකේ ගියේ සමන් සිරිමයි කෘතියටයි. 2020 වසරේ හොදම පරිවර්තිත නවකතාවට හිමි සම්මානය ඩබ්ලිව් ඒ අබේසිංහ පරිවර්තනය කළ මුල්කවය කෘතියටත් 2021 වසරේ එම සම්මානය චූලානන්ද සමරනායක පරිවර්තනය කළ වීරයෙක් ඇවිත් කෘතියටත් හිමිවුණා.

2020 වසර සදහා සාහිත්‍ය රත්න සම්මානය සිංහල මාධ්‍යය යටතේ ඩබ්ලිව් ඒ අබේසිංහටත් දෙමළ මාධ්‍ය යටතේ කේ සිවකුමාරන්ටත් ඉංග්‍රීසි මාධ්‍ය යටතේ නාමෙල් වීරමුණිටත් හිමිවුණා. 2021 වසරේ සාහිත්‍ය රත්න සම්මානය සිංහල මාධ්‍ය යටතේ මහාචාර්ය සුනිල් ආරියරත්නටත් දෙමළ මාධ්‍ය යටතේ මුත්තු ශිවලිංගම්ටත් ඉංග්‍රීසි මාධ්‍ය යටතේ තගරාජා අර්සනායගම්ටත් හිමිවුණා.

 

The post 2021 වසරේ සාහිත්‍ය රත්න සම්මානය මහාචාර්ය සුනිල් ආරියරත්නට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG