Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති අතර හමුවක්  

Add comments

ඩුබායි හි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් (HH Shaikh Maktoum bin Mohammed bin Rashid Al Maktoum) මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් ඊයේ (04) පස්වරුවේ ඩුබායි හි එක්ස්පෝ -2020  (EXPO – 2020) ප්‍රදර්ශන භූමියේ දී සිදුවිය.

මෙම හමුව දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බව රාජ්‍ය නායකයෝ දෙපොළ සඳහන් කළහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50වන ජාතික දින සැමරුම වෙනුවෙන් සුබ පැතීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කරගනු ලැබීය.

කොවිඩ් මර්දන සහ එන්නත්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සහ කොවිඩ් පසුබිමක ආර්ථිකයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපතිතුමා, ඩුබායි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාව දැනුම්වත් කළේය.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අනන්‍යතාවය ලොවට රැගෙන යාමට එක්ස්පෝ ප්‍රදර්ශන කුටිය ඉවහල් වන බව පැවසූ ජනාධිපතිතුමා ඊට අවස්ථාව ලබාදෙමින් දැක්වූ සහායට සිය ස්තූතිය පිරිනැමීය.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනය අනුව “එක්ස්පෝ 2020” ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.

අක්කර 1083ක කාන්තාර බිමක පැවැත්වෙන “එක්ස්පෝ” ප්‍රදර්ශනය සඳහා රටවල් 192ක් සහභාගී වී සිටී. “සිත් සම්බන්ධ කිරීම, අනාගතය නිර්මාණය කිරීම” යන ආදර්ශ පාඨය යටතේ ඔක්තෝබර් මස පළමුවැනිදා ඇරඹි ප්‍රදර්ශනය ලබන මාර්තු 31 වනදා දක්වා පැවැත්වේ. ප්‍රදර්ශනය නැරඹීමට මේ වන විට ලොව පුරා රටවල් රැසකින් මිලියන 03කට අධික පිරිසක් පැමිණ ඇති බව සංවිධායකයෝ පවසති.

ජනාධිපතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රදර්ශන කුටිය නැරඹීමට එක් වූ අතර විශේෂ අමුත්තන් වෙනුවෙන් එහි තබා ඇති සමරු පොතේ සටහනක් ද තැබීය.

මේ අතර ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය නරඹමින් සිටිය දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක ෂෙයින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් (Sheikh Mohammed Bin Rashid Al Maktoum) මැතිතුමා හමුවීම ද විශේෂ සිදුවීමක් විය. ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සහ වෙළෙඳ  සහ සංස්කෘතික සබඳතා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට ද ජනාධිතිතුමා මෙය අවස්ථාවක් කර ගනු ලැබීය.

“එක්ස්පෝ – 2020” ප්‍රදර්ශනය මෙරට සංචාරක කර්මාන්තයේ සහ තේ, ඇගලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍ර රැසක ප්‍රගතියට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා යන මහත්වරු ජනාධිපතිතුමා සමග මේ අවස්ථාවන්ට එක් වූහ.

 

The post ජනපති සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති අතර හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG