Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතාගේ අවසන් කටයුතු පස්වරුවේ  

Add comments

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද සිදුකිරීමට නියමිතයි.

දයාරත්න රටගෙදර මහතාගේ ගරු ලිසී වේදිකා නාට්‍යයෙන් රංගනයට පිවිසි සම්පත් තෙන්නකෝන් මහතා අඹුසැමියෝ,හිට්ලර්,තලමල පිපිලා, පුත්‍ර සමාගම,අන්දරේලා, ගුරු තරුව ඇතුළු නාට්‍ය රැසකට දායකත්වය දැක්වූවා. කලා අධ්‍යක්ෂවරයෙකු ලෙස ආරාධනා චිත්‍රපටයේ කටයුතු කළ ඒ මහතා අහස් මාලිගා, හිමගිර, පත්තිනි,ගිනි අවි සහ ගිනිකෙළි,මදුරි, සරෝජා ඇතුළු චිත්‍රපට රැසකට දායකත්වය ලබාදී තිබෙනවා. ස්වාධීන රූපවානිය ඔස්සේ විකාශය වූ පබා ඇතුළු ටෙලිනාට්‍ය රැසකට ද ඒ මහතා රංගනයෙන් දායක වුණා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 62 හැවිරිදි වියේ පසුවුණා. ඒ මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත්කර ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරු 4 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

 

 

 

The post ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතාගේ අවසන් කටයුතු පස්වරුවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG