කිසිඳු භේදයකින් තොරව උතුරු නැගෙනහිර ඇතුළු සියලු ප්‍රදේශවල වැව් ප්‍රතිසංස්කරණය කර ජනතාවගේ ජල ගැටලුවලට විසදුම් ලබාදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යටතේ කළුතර පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
කළුතර හා බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යාකෙරෙන දුම්මල මෝදර ඇළට සම්බන්ධ පඹේ මැද ඇළ ප්‍රතිසංස්කරණය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. කිලෝමීටර් 09ක දුරින් යුතු මෙම ඇළ ප්‍රතිසංස්කරණය සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 6 ක්. මාස 6 ක් තුළ ප්‍රතිසංස්කරණ අවසන් කිරීම සැළසුමයි. මේ තුළින් පුරන් කුඹුරු අක්කර 300 ක් යළි වගා කිරීමට ද අපේක්ෂිතයි. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post සියලු ප්‍රදේශවල ජනතාවගේ ජල ගැටලුවලට විසදුම් ලබාදෙනවා – ඇමති චමල් appeared first on ITN News.
Post a Comment