Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කෙරේ  

Add comments

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය 2022 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාල සීමාව 2022 මාර්තු 31 දක්වා දීර්ඝ කළ යුතුය යනුවෙන්, එම විශේෂ කාරක සභාවේ සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි විය.

2021.04.05 පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ යෝජනාව අනුව, මෙම කාරක සභාව ස්ථාපිත කළ අතර 2021 මැයි 17 එහි පළමු රැස්වීම පැවැත්විණි.

දේශපාලන පක්ෂ, මැතිවරණ කොමිෂන් සභාව, සීමා නීර්ණය කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, අදාළ වෙනත් ආයතන හා සංවිධාන නියෝජිතයන් මෙන්ම අදාළ වන විද්වතුන් ඇතුළු පාර්ශව රැසක් මෙම විශේෂ කාරක සභාව හමුවට පසුගිය කාලයේ කැඳවූ බව, එහි සභාපති සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතා සඳහන් කළේය. විශේෂ කාරක සභාවේ වාර්තාව සකස් කිරීමේ කටයුතු සිදු කරන බවද ඔහු පැවසීය.

මෙම කාරක සභාවේ කාල සීමාව, 2022 ජනවාරි 16 අවසන් වීමට නියමිතව තිබූ බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානි, කුෂානි රෝහණධීර මහත්මිය කියා සිටියාය.

The post ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG