ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම කල්දැමීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
ඉන්දියාවේ ජාත්‍යන්තර ගුවන් ගමන් සමාන්‍ය පරිදි ආරම්භ වීමට නියමිතව තිබුණේ ලබන 15 වනදායි. ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය රටවල් රැසක පැතිර යාම හේතුවෙන් නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමේ දිනය කල් දැමීමට තීරණය කළ බවයි ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබෙන්නේ. කෙසේනමුත් නිසි බලධාරියාගේ අනුමැතිය යටතේ ඇතැම් ජාත්‍යන්තර ගුවන් මාර්ගවල ගුවන් ගමන් ක්‍රියාත්මක කළ හැකි බව ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
මේ වන විට දැඩි කතාබහට ලක්වන පකිස්ථානයෙන්ද ඊයේ දිනයේදී ඔමික්‍රෝන් ආසාදිතයෙකු හදුනා ගැණුනා. ඒ අනුව ලොව රටවල් 50 කට අධික සංඛ්‍යාවකින් රෝගීන් වාර්තා වනවා.
The post ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම කල්දැමීමට ඉන්දියාව තීරණය කරයි appeared first on ITN News.
Post a Comment