බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ බැංකු ශාඛා කීපයක් විවෘත කිරීම මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙම බැංකු ශාඛා විවෘතකර තිබෙනවා. මහජන බැංකුව , ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙන්ම සම්පත් , කොමර්ෂල් හා හැටන් නැෂනල් යන බැංකුවල ශාඛා මෙසේ විවෘත කෙරුණා. උත්සවයට එක්වූ මහ බැංකු අධිපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට ද පිළිතුරු ලබාදුන්නා.
The post ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ බැංකු ශාඛා කිහිපයක් විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment