Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස් මත්ද්‍රව්‍ය ගිල දැමූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයයි  

Add comments

අයිස් මත්ද්‍රව්‍ය ගිල දැමූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පිලියන්දල පොලිසිය මගින් කරදියාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ගිල දමා ඇතැයි පොලිසිය පවසනවා. ඔහු සමඟ තවත් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය කරා රැගෙන ඒමෙන් අනතුරුව මිය ගිය පුද්ගලයා ක්ලාන්ත ගතියක් පවතින බවට පොලිසියට පවසා තිබෙනවා. ඒ අනුව පිලියන්දල රෝහලට රැගෙන ගොස් කළ පරික්ෂා කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ වෛද්‍යවරයාට යමක් පැවසිමට ඇති බවයි. ඒ අනුව තමන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් ගිල දැමූ බව වෛද්‍යවරයාට පවසා තිබෙනවා. සැකකරු වහාම කළුබෝවිල රෝහලට රැගෙන ගියද එහිදී මිය ගිය බවයි පොලිසිය පවසන්නේ.

 

The post අයිස් මත්ද්‍රව්‍ය ගිල දැමූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG