Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා – ඇමෙරිකා ජනාධිපතිවරුන් අතර විශේෂ හමුවක්  

Add comments

යුක්රේනය සම්බන්ධයෙන් මේ වනවිට හටගෙන ඇති මතභේද සමතයකට පත්කර ගැනීම සඳහා රුසියා ඇමෙරිකා ජනාධිපතිවරුන් අතර විශේෂ හමුවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවැත්වුණා.

රුසියා යුක්රේන දේශසීමා ආසන්නයේ යුක්රේනයට සහාය පළකරමින් නේටෝ සංවිධානය සිදුකරන හමුදා ක්‍රියාකාරකම් ඉහළයාම පිළිබඳ රුසියාව දැඩි විවේචන එල්ලකරනවා. රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවන පරිදි සිදුකරන මෙම හමුදා ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට රුසියාව ද දේශසීමා ආසන්නයට ලක්ෂයකින් පමණ යුතු හමුදා ඛණ්ඩයක් සේවයේ යොදවා ඇති බවයි වාර්තා වන්නේ. ලබන වසර මුලදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ සූදානමක් පවතින බවට ද චෝදනා එල්ලවනවා. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ඇමෙරිකා රුසියා ජනාධිපතිවරුන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි ධවල මන්දිරය නිවේදනය කරන්නේ.

 

 

 

The post රුසියා – ඇමෙරිකා ජනාධිපතිවරුන් අතර විශේෂ හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG