ලොවට වැඩිම නව කොරොනා එන්නත් ලබා දී ඇති රට චීනය බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
2021 වසරේ අවසානයට පෙර ලෝක ජනගහණයෙන් 40% කට එන්නත් ලබා දීමේ ඉලක්කය ඉටු කළ නොහැකි වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පසුගියදා පැවසීය. ඒ පිළිබඳව චීනයේ අදහස කුමක් දැයි මාධ්‍යවේදියෙක් පසුගියදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශ Zhao Lijian මහතාගෙන් විමසීය.
චීනය හැමවිටම තමන්ගේ පොරොන්දුව ඉටු කරන බව Zhao Lijian මහතා එහිදී කියා සිටියේය. ලොවට වැඩිම නව කොරොනා එන්නත් ලබා දී ඇති රට චීනය වන අතර මේ දක්වා 120 කට වැඩි රටවල් හා ජාත්‍යන්තර සංවිධානවලට බිලියන 1.85 කට වැඩි එන්නත් මාත්‍රා චීනය විසින් ලබා දී ඇති බව හෙතෙම පැවසීය. බොහෝ රටවල වසංගතය පාලනය කිරීමට චීන එන්නත් ප්‍රබල දායකත්වයක් සපයා ඇති බව ද හෙතෙම කියා සිටියේය.
The post ලොවට වැඩිම නව කොරොනා එන්නත් ලබා දී ඇති රට චීනයයි appeared first on ITN News.
Post a Comment