හිම පතනය ආරම්භ වීමත් සමග රුසියාවේ මොස්කව් නුවර රථ වාහන ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මොස්කව් අගනුවර මහා මාර්ග ඝන හිම තට්ටුවකින් වැසී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. 1949 වර්ෂයට පසු මොස්කව් අගනුවරින් වාර්තා වූ වැඩිම හිම පතනය මෙයයි. හිම තට්ටුව ඉවත් කිරීම සදහා යන්ත්‍ර දස දහසක් හා සේවකයින් හැත්තැ දහසකට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බවයි මොස්කව් බලධාරීන් සදහන් කරන්නේ.
කෙසේ වුවද අද සිට හිම පතනයේ අඩුවක් විය හැකි බවට එරට කාලගුණ අංශ සදහන් කරනවා. හිමපතනයත් සමග වායු ගෝලයේ උෂ්ණත්වය ද ඉතා පහළ අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
The post හිම පතනයෙන් මොස්කව් නුවර රථ වාහන ගමනාගමනයට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment