Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

10000 කින් වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති අසනීප නිඩාඩු වාර්තා කරයි  

Add comments

රුපියල් දස දහසකින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කිහිපයක් අද දිනයේ දී අසනීප නිඩාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් තැපැල් කර්යාල වසා දමන බවයි තැපැල් වෘත්තීය සමිති දැනුම් දී තිබුණේ.

මේ අතර වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහිව යැයි පවසමින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය සහ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් වෘත්තිය සමිති ද අසනීප නිවාඩු වාර්තාකර තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ සහභාගීත්වයෙන් අද දහවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී විරෝධතාවක් සිදුකරන බවද විදුලි වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

අද දිනයේ දී වයඹ පළාත තුළ ඇති මධ්‍යම රජයේ සහ පළාත් සභාවට අදාළ සියලු රෝහල් මෙන්ම  සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු සෞඛ්‍ය සේවකයින් සංකේත වැඩ වර්ජනයක ද නිරත වනවා. ඒ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 7 ක් මුල්කර ගනිමින්.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීමේ කාර්යයේ නිරත බටහිර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදුන් රුපියල් හත්දහස් පන්සියයක දීමනාව ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබානොදීමට එරෙහිව බොරැල්ල අයුර්වේද ශීක්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවකට පත්වූ ආකාරය දක්නට ලැබුණා.

 

The post 10000 කින් වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති අසනීප නිඩාඩු වාර්තා කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG