ඇෆ්ගනිස්ථානයේ උද්ගතව ඇති මානුෂීය අර්බුදය විසදීමට මූල්‍ය ආධාර ලබාදීම සදහා ඉස්ලාමීය රාජ්‍යයන් එකගත්වය පළකර තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය කඩා වැටීමත් සමග එරට මිලියන ගණනක ජනතාවක් සාගත තත්ත්වයකට මුහුණ දී සිටිනවා. සීත සෘතුව ආරම්භ වීමෙන් පසු එය තවත් උග්‍ර අතට හැරී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවද එම ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබා දීම සදහා පහසුකම් සැපයීමට ඉස්ලාමීය රාජ්‍යයන් පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවති සමුළුවකදී එකගතාව පළකලා. ඉස්ලාමීය සංවර්ධන බැංකුව මූලික කර ගනිමින් ආධාර මුදල් රැස් කිරීම ආරම්භ කරන බව පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කරනවා. කෙසේ වුවද ඇෆ්ගනිස්ථානයට ලබා දෙන ආධාර මුදල සම්බන්ධයෙන් මෙහිදී හෙළි කෙරුණේ නැහැ.
The post ඇෆ්ගනිස්ථාන අර්බුදය විසඳීමට මූල්‍ය ආධාර ලබාදීමට ඉස්ලාමීය රාජ්‍යයන් එකඟ වෙයි appeared first on ITN News.
Post a Comment