Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක කර්මාන්තයට ලබාදුන් විදුලි බිල ගෙවීමේ සහනය දීර්ඝ කෙරේ  

Add comments

සංචාරක ව්‍යාපාරයේ නියැලෙන සංචාරක නවාතැන් පහසුකම් සපයන්නන්ට සහන ලබා දීම උදෙසා විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබා දුන් සහන කාලය දීර්ඝ කර තිබෙනවා.

කොරෝනා අර්බුදය හමුවේ පිඩාවට පත් සංචාරක ව්‍යාපාරයේ නියැලෙන සංචාරක නවාතැන් පහසුකම් සපයන්නන්ට සහන ලබා දීම උදෙසා විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබා දුන් සහන කාලය දීර්ඝ කිරීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

එහි දී ඒ මහතා කියා සිටියේ, සංචාරක නවාතැන් සපයන්නන් වෙත විදුලි බිල්පත් ගෙවීම සඳහා 2021 පෙබරවාරි මස 28 දක්වා කාලයක් ලබා දීමට 2021 ජනවාරි මස 18 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලද නමුත්, 2021 අප්‍රේල් මාසයේ සිට කොවිඩ් 19 වසංගතය නැවත ව්‍යාප්තවීමෙන් සංචාරක කර්මාන්තය අපේක්ෂිත මට්ටමට ස්ථාවර නොවීම හේතුවෙන් බලපෑමට ලක් වූවන්ට සහන ලබා දීම සඳහා සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සැළකිල්ලට ගෙන එකී සහන කාලය 2021 මාර්තු 01 දක්වා තවත් වසර දෙකක කාලයකට දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි.

කැබිනට් තීරණ මාධ්‍ය සාකච්ඡාව සඳහා කැබිනට් මාධ්‍ය සාකච්ඡාව සඳහා, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක යන මහත්වරු සහභාගී වූහ.

The post සංචාරක කර්මාන්තයට ලබාදුන් විදුලි බිල ගෙවීමේ සහනය දීර්ඝ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG