දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එන්නත් සහතිකය අනිවාර්ය කිරීමට ඉතාලිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඉතාලියේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට එන්නත් සහතිකය අනිවාර්ය වනවා. එසේ නොමැතිනම් පැය 48කට පෙර ලබාගත් වයිරසය වැළදී නොමැති බවට තහවුරු කළ PCR පරික්ෂණයක් ඉදිරිපත් කළ යුතුයි. ඉතාලි පොලිසිය එරට බස්රථ හා දුම්රිය මගීන් සතුව එන්නත් සහතික පත්‍රය තිබේද යන්න පරික්ෂා කරන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. සහතික පත්‍රය නොමැති වූවන් හට යුරෝ 400 ක දඩයක් පැනවීමට කටයුතු කළ බව ද සඳහන්. මේ වනවිට එරට ජනගහනයෙන් එක් එන්නතක් හෝ ලබාගත් සංඛ්‍යාව 80% ඉක්මවා තිබෙනවා. එමෙන්ම වයිරසයට එරෙහි එන්නතේ තුන්වන මාත්‍රාව ද 15%ක පිරිසක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
The post ඉතාලිය එන්නත් සහතිකය අනිවාර්ය කරයි appeared first on ITN News.
Post a Comment