Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් අතර ආර්ථික සහයෝගීතාවට මුදල් ඇමති සාකච්ඡා අරඹයි  

Add comments

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබද අමාත්‍ය එස් නිර්මලා සීතාරාමන් මහත්මිය හමු වුණා.

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවූයේ නවදිල්ලි අගනුවරදීයි. දෙරට අතර ආර්ථික සහයෝගිතාවට අදාළ කරුණු රැසක් පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. ඉන්දියාව සිය ආර්ථික සහයෝගිතා වැඩසටහන හරහා ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහයෝගිතාව පිළිබද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ස්තූතිය පළ කළා.

දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගත හැකි ක්‍රම පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක් වුණා. ආර්ථික විශේෂඥවරියක වන නිර්මලා මහත්මිය 2019 වසරේ සිට ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය ලෙස කටයුතු කරනවා. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද හමුවීමට නියමිතයි.

 

 

The post ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් අතර ආර්ථික සහයෝගීතාවට මුදල් ඇමති සාකච්ඡා අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG