මැතිවරණවලදී අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ අධික ලෙස මුදල් වියදම් කිරීම පාලනයට අවශ්‍ය නීති සම්පාදනයට කැබිනට් අනුමැතිය හිමිවීම,නිදහසින් පසු මෙරට මැතිවරණ ඉතිහාසයේ ලැබූ විශාල ජයග්‍රහණයක් බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.
ඒ වගේම මැතිවරණ සදහා අපේක්ෂකයන් වියදම් කරන මුදල් පාලනයකින් තොරව නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සිදු කළ නොහැකි බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරන්නේ.
පුරවැසියන් සතු පරමාධිපත්‍ය බලයේ මුලිකාංගය වන්නේ සර්වජන ඡන්ද බලයයි. ඒ අනුව ඡන්ද විමසීමකදී ජනතා කැමැත්ත නිදහස් සහ සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතු වනවා. කෙසේ වෙතත් මැතිවරණවලදී අපේක්ෂකයන් දේශපාලන පක්ෂ හෝ කණ්ඩායමක් ජනතාවගේ ඡන්දය වෙනුවෙන් පාලනයකින් තොරව අධික මුදලක් වැය කරන අවස්ථාද දැකිය හැකියි.
මෙම තත්ත්වය ජනතා කැමැත්ත කෙරෙහි ඍජු බලපෑමක් සිදු කරනවා. 1977 ට පෙර අපේක්ෂකයන්ගේ වියදම් සීමාවන් නියම කර තිබීම සහ වියදම් වාර්තාවක් භාර දීම යනාදි නීති මෙරට මැතිවරණ ක්‍රමය තුළ ක්‍රියාත්මක වුණා. කෙසේ වුවත් 1978 ව්‍යවස්ථාව යටතේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් සමග එම නීති මෙරට මැතිවරණ ක්‍රියාවලින් ඉවත් කෙරුණා.
මේ නිසාම මැතිවරණවලදී අපේක්ෂකයන් හෝ පක්ෂ සිදු කරන වියදම් පාලනයට විධි විධාන සලසන නීති සම්පාදනය කිරීම සදහා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. ඊට කැබිනට් අනුමැතිය ද හිමි වුණා. මේ සම්බන්ධව ජමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු නීති පීඨාධිපති නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අදහස් පළ කළා.
වත්මන් දේශපාලන ක්‍රමය තුළ අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමේ නීති ගෙන ඒමේ අවශ්‍යතාව පිළිබදව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද අදහස් පළ කළා.
The post ඡන්ද අපේක්ෂකයන්ගේ මුදල් පාලනයේ තීන්දුව වටිනාම දෙයක් – මහින්ද දේශප්‍රිය appeared first on ITN News.
Post a Comment