යුක්රේනයේ හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකා රුසියා ජනාධිපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කරනවා.
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් හා රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් ලබන අගහරුවාදා දිනයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. නේටෝ සංවිධානය යුක්රේන රුසියා දේශ සීමා ආසන්නයේ විශාල යුද ක්‍රියාදාමයකට සූදානම් වන බවට රුසියාව චෝදනා කරනවා. කෙසේ වුවද ලබන වසර මුලදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම්ව සිටින බවටයි චෝදනා එල්ල වන්නේ. මේ වනවිට රුසියාව හා ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය අතර මත ගැටුම් උග්‍ර වී තිබෙනවා. එය සමතයකට පත් කර ගැනීම ඇමරිකා රුසියා ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවේ අරමුණ බවයි වාර්තා වන්නේ.
The post ඇමරිකා – රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවාදා appeared first on ITN News.
Post a Comment