ඉන්දියාවේ සිට රහසිගතව මෙරටට රැගෙන ආ කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා.
ලොරි රථයක් මගින් එම කේරල ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබියදී ගල් කන්ද හන්දියෙන් යහකටුව මාර්ගයේ ග්‍රීන් ගාර්ඩන් පාරට හැරෙන මාර්ගය අසළදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණා. එහි තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 30 යි ග්‍රෑම් 673 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 70 ක්.
The post කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment