තාක්ෂණික කමිටුවේ නිර්දේශවලට අනුව අද සිට ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොන්දේසි කීපයකට යටත්ව එම කටයුතු සිදුකෙරෙන බවයි.
පෙර ආනයනය කළ ගෑස් නිකුත් නොකිරීම, නව තොග නිකුත් කිරීමට පෙර නියමිත ප්‍රමිතියට අනුව ගද සුවඳ හඳුනාගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරීම සහ ගෑස් සිලින්ඩර් නිෂ්පාදන ක්‍රියාවලියේ දී සෑම සියයකින් එකක්ම පරීක්ෂාකර අනුක්‍රමික අංකයක් යොදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබාදීම යන කොන්දේසිවලට යටත්වයි අද සිට ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළට නිකුත් කෙරෙන්නේ. ගුණාත්මක බව සොයා බැලීම සඳහා පත්කළ කමිටුව දැනුවත් කිරීමෙන් පසු එම කමිටුවේ නිරීක්ෂණයෙන් ගෑස් වෙළෙඳපොළට නිකුත් කෙරෙනවා. එම කමිටුවට අදාළ සමාගම්වල නිෂ්පාදන ක්‍රියාවලිය අවශ්‍ය ඕනෑම අවස්ථාවක නිරීක්ෂණය කළ හැකි වන පරිදි සමාගම් කටයුතු කළ යුතු බවට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.
The post තාක්ෂණික කමිටුවේ නිර්දේශවලට අනුව ගෘහස්ථ ගෑස් අද සිට වෙළෙඳපොළට appeared first on ITN News.
Post a Comment