Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජවාඩ් සුලි කුණාටුවෙන් ඊසානදිග ඉන්දියාවට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවට අනතුරු ඇඟවීම්  

Add comments

ජවාඩ් සුලි කුණාටුවෙන් ඊසානදිග ඉන්දියාවට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවනවා.

ඊසානදිග ඉන්දියාවේ ඔඩීෂා සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයන්ට ජවාඩ් සුළි කුණාටුව අද දහවල් කාලයේ දී  ඇතුළුවන බව කාලගුණ අංශ පවසනවා. එම ප්‍රදේශවල පදිංචි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට බලධාරීන් මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා. වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙසයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. පැයට කිලෝමීටර් 210 ක පමණ වේගයෙන් සුළි කුණාටුව හමායනු ඇති බවට අනාවැකි පළවනවා. කෙසේ වුවද සුලි කුණාටුව පූරි නගරයට ඇතුළුවනවිට එහි බලපෑම අවමවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

 

The post ජවාඩ් සුලි කුණාටුවෙන් ඊසානදිග ඉන්දියාවට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවට අනතුරු ඇඟවීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG