ලොව පුරා රටවල් 222 කින් ගතවූ පැය 24 ට කොරෝනා ආසාදිතයින් පන්ලක්ෂ විසිපන්දහසකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5650ක්.
ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවේ. එම සංඛ්‍යාව 1,215 ක්. එමෙන්ම වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඇමෙරිකාවෙන්. ගතවූ පැය 24 ට ඇමෙරිකාවෙන් වාර්තා වූ වයිරස ආසාදිතයින් 56,742 නාත් සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 5 කට ආසන්න වනවා. ඒ සමගම ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසිහය කෝටි පනස් හත් ලක්ෂය ඉක්මවා තිබෙනවා. වයිරසය හේතුවෙන් අහිමිවී ඇති ජීවිත සංඛ්‍යාව 5,264,126ක්.
The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment