චීන රාජ්‍ය මණ්ඩල පුවත් කාර්යාලය ඊයේ(4) ‘චීනයේ ප්‍රජාතන්ත්‍රවාදය’ නම් ධවල පත්‍රිකාව නිකුත් කළේය.
සමස්ත මානවයන්ගේ පොදු වටිනාකමක් වන ප්‍රජාතන්ත්‍රවාදය, චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන ජනතාව සැමවිටම අනුගමනය කරන වැදගත් සංකල්පයකි. රටේ කටයුතු සඳහා ජනතාවට ඇති පූර්ණ හිමිකාරීත්වය චීන ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය හා හරය බව එම ධවල පත්‍රිකාවේ සඳහන් වේ.
විවිධ රටවල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම පෝෂණය වී ඇත්තේ එම රටවල ඉතිහාසය හා සංස්කෘතික සම්ප්‍රදාය තුළිනි. එය වර්ධනය වී ඇත්තේ විවිධ රටවල ජනතාවගේ ක්‍රියාකාරකම් හා බුද්ධිමය නිර්මාණශීලිත්වය තුළිනි. සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගත යුත්තේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා මිස සැරසිලි භාණ්ඩයක් වශයෙන් නොවේ.
රටක් ප්‍රජාතන්ත්‍රවාදී භාවය ඇගයිය යුත්තේ එම රටේ ජනතාව මිස පරිබාහිර විදේශීය දේශපාලනඥයින් විසින් නොවේ. ජාත්‍යන්තර තලයේ රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වය ඇගයීමේදී ජගත් ප්‍රජාව විසින් පොදු ඇගයීම් සිදු කළ යුතු අතර අධිමානයෙන් පෙළෙන සුළුතර රටවල් කිහිපයක නිගමන කිසිසේත් අදාළ නොවනු ඇත.එක් නිශ්චිත ප්‍රමිතියකට ලෝකයේ පවතින සියලු දේශපාලන ක්‍රම ඇගයීම හෝ එකම දෘෂ්ටි කෝණයක සිට මානවයන්ගේ විවිධාකාර දේශපාලන ශිෂ්ටාචාර වටහා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව ‘චීනයේ ප්‍රජාතන්ත්‍රවාදය’ ධවල පත්‍රිකාව පෙන්වා දී තිබේ.
The post රටේ කටයුතු සඳහා ජනතාවට ඇති පූර්ණ හිමිකාරීත්වය චීන ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් අභිප්‍රාය appeared first on ITN News.
Post a Comment