ස්කෑන් යන්ත්‍රයක් භාවිත කරමින් පුරා වස්තු සොයමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.
ඊච්චලම්පත්තුව පූනගර් ප්‍රදේශයේ දී මෙම පිරිස පුරා වස්තු කැණීම් සිදු කර තිබෙනවා. ස්කෑන් යන්ත්‍රයක් භාවිත කරමින් පුරා වස්තු පිහිටි ස්ථාන සෙවීමටයි මොවුන් කටයුතු කර තිබුණේ. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 40ත් 55ත් අතර වයස් කාණ්ඩවල පසුවන පන්නිපිටිය සහ මාලඹේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හෙළි වී තිබෙන්නේ. පුරා වස්තු කැණීම් සඳහා යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගැණුනා. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් ඊච්චලම්පත්තුව පොලිසිය වෙත භාර දී තිබෙනවා.
The post පුරා වස්තු සොයමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment