මැලේසියාවට බලපා ඇති ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගංවතුර තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් අට දෙනෙකු අතුරුදහන්ව ඇති අතර ඔවුන් ජල පහරට හසුව ගසාගෙන යන්නට ඇති බවට සැක පළ කෙරෙනවා. පුද්ගලයින් 41000 ක් පමණ අවතැන්භාවයට පත්ව ඇති බවයි මැලේසියා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. නිවාස හා රථ වාහන තුළ සිරව සිටින පුද්ගලයින් බේරා ගැනීම සදහා සහන කණ්ඩායම් රැසක් යොදවා තිබෙනවා. වසර 100කට පමණ පසු මැලේසියාවට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බවයි වාර්තා වන්නේ.
The post ගංවතුර හේතුවෙන් මැලේසියාවේ පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment