Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විවිධ අභියෝග හමුවේ පවා චීන ආර්ථිකයේ ඔරොත්තු දීමේ ශක්‍යතාව ඉහළට  

Add comments

දැඩි පීඩනයන් එල්ලවෙමින් පවතිද්දීත් චීන ආර්ථිකය නොවැම්බර් මාසය වනවිට ප්‍රකෘතිමත් වී ඇතැයි නිල ආර්ථික දත්ත පෙන්වාදෙයි. ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය දෙසැම්බර් 15 වැනිදා නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වේ.පාරිභෝගික භාණ්ඩ සිල්ලර විකිණුම් නොවැම්බර් මාසයේ දී 3.9%ක අගයකින් ඉහළ ගොස් තිබේ.  ස්ථාවර ආයෝජන වසරේ මුල් මාස 11 තුළ 5.2%කින් ඉහළ ගොස් ඇති අතර අධි තාක්ෂණික කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගතිය ඊට ඉවහල් වී ඇත. නාගරික විරැකියා ප්‍රතිශතය ද ඉකුත් වසරට සාපේක්ෂව  0.2%කින් පහළ ගොස් තිබේ.

චීන ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව මෙසේ වර්ධනය වී ඇත්තේ රටේ සාමාන්‍ය  මූල්‍ය යාන්ත්‍රණය ස්ථාවරව පවත්වා ගැනීමට හැකිවීම නිසා බව සංඛ්‍යාලේඛන කාර්යාංශ වාර්තාව පෙන්වා දෙයි.

ලොව දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස විවිධ අභියෝගයන්ට මුහුණ පා සිටියත්, චීනයේ දිගුකාලීන ආර්ථික සංවර්ධනය නොවෙනස් වනු ඇති බව එම කාර්යාංශ මාධ්‍ය ප්‍රකාශක Fu Linghui මහතා ප්‍රකාශ කළේය.ආර්ථිකයට එල්ල වන පීඩන වළක්වා ගැනීමට ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ද අනුගමනය කෙරෙමින් පවතී. ‍වසංගත අර්බුදය තවමත් නිමා වී නොමැති බැවින් ජාත්‍යන්තර තත්ත්වයන්ට ද සංවේදී වෙමින් ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය අත්පත් කර ගැනීම චීනයේ දිගුකාලීන අරමුණයි.

The post විවිධ අභියෝග හමුවේ පවා චීන ආර්ථිකයේ ඔරොත්තු දීමේ ශක්‍යතාව ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG