Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙවර විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට  

Add comments

මෙවර විශ්ව රූ රැජින කිරුළ හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

හැත්තැ වන විශ්ව රූ රැජින තරගයේ කිරුළ හිමි කර ගැනීමට ඉන්දියාවේ 21 හැවිරිදි හර්නාස් සන්ධුට හැකි වුණා. ඒ රටවල් හැත්තැ නවයක තරගකාරියන් පරාජයට පත් කරමින්. විශ්ව රූ රැජින තරගයේ දෙවන ස්ථානය පැරගුවේ රාජ්‍ය යේ නාඩියා ෆෙරෙයිරා දිනාගත් අතර තුන්වන ස්ථානය සදහා දකුණු අප්‍රිකාවේ ලලේලා මස්වාන් තේරී පත් වුණා. තරගය පැවැත්වුණේ ඊශ්‍රායලයේ අයිලට් නගරයේ දී යි.

මීට පෙර ඉන්දියාව විශ්ව රූ රැජින කිරුළක් හිමි කර ගැනීමට සමත් වුණේ මීට වසර 21 කට පෙරයි. කොරෝනා වයිරසයේ නව ඔමික්‍රෝන් ප්‍ර භේදය ලොව පුරා ශීඝ්‍ර යෙන් ව්‍යාප්ත වන මොහොතක දැඩි සෞඛ්‍ය ආරක්ෂණ විධි විධාන මධ්‍ය යේ යි තරගය පැවැත්වුණේ. උත්සවයට සහභාගි වීම සදහා මාධ්‍ය හා ජනතාවට දැඩි සීමා පනවා තිබූ බවයි වාර්තා වන්නේ. වයිරසයට එරෙහි එන්නත් ලබා ගන්නා ලෙස, කිරුළ හිමි කර ගැනීමෙන් පසු හර්නාස් සන්ධු ලොව පුරා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

 

The post මෙවර විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG