Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කාන්තාවන්ට සිදුවන අනතුරු ,සිය දිවි නසා ගැනීම් සහ ස්ත්‍රී ඝාතන පිළිබඳ පර්යේෂණ කෘතිය එළිදැක්වේ  

Add comments

මෙරට කාන්තාවන්ට සිදුවන අනතුරු , සිය දිවි නසා ගැනීම් සහ ස්ත්‍රී ඝාතන පිළිබඳ පර්යේෂණ කෘතිය එළි දැක්වුණා.

එක්සත් ජාතීන්ගේ අරමුදලේ අනුග්‍රහයෙන් කැලණිය විශ්වවිද්‍යාලය මගින් මෙම පර්යේෂණය සිදු කර තිබෙනවා. දේශපාලන නියෝජිතයන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අනතුරු , සිය දිවි නසා ගැනීම් සහ ස්ත්‍රී ඝාතන පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් විමර්ශන කර තිබෙනවා. 2013 / 2015 යන වසර තුළදී ඝාතන 243 ක් ආශ්‍ර යෙන් සිදු කළ අධ්‍යයනයේ දී ඒ අතුරින් 62%ක්ම ඝාතන සිදුව ඇත්තේ අදාළ කාන්තාවගේ පවුලේ සමීපතමයන් අතින් බව පර්යේෂණයේ දී හෙළි වුණා. එමෙන්ම ඝාතන 243 න් 128 ක් ම සිදුකර ඇත්තේ ඝාතනය වූ කාන්තාවගේ ස්වාමි පුරුෂයා අතින් වීම සැලකිය යුතු තත්ත්වයක්.

මේ අතර කාන්තාවන්ට මහමගදී සිදුවන හිංසන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දී පැවැත්වුණා. කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ජාතිකා කාන්තා කමිටුවේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. බස් රථ වලදී කාන්තාවන්ට සිදුවන හිංසන පිටුදැකීමේ අරමුණෙන් සියලු දෙනා දැනුවත් කෙරෙන බස් රථවල ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමේ හා අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කෙරුණා.

The post මෙරට කාන්තාවන්ට සිදුවන අනතුරු ,සිය දිවි නසා ගැනීම් සහ ස්ත්‍රී ඝාතන පිළිබඳ පර්යේෂණ කෘතිය එළිදැක්වේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG