පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් කෙරුණු ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය දිවයිනට රැගෙන ඒමෙන් පසු ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරුණා.
දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.
පාකිස්ථානයේ සියල්කෝට් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රියන්ත කුමාරගේ පවුලට ඇමරිකා ඩොලර් ලක්ෂයක් ලබා දීමට සූදානමින් සිටින බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඔහුගේ වැටුප සෑම මාසයකදීම බිරිද වෙත ලබා දීමට ද තීරණය කර තිබෙනවා.
ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මීගමුව මහ රෝහලට භාරදෙනු ලැබුවා.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු ඊයේ රාත්‍රිෙය් දීම දේහය ඥාතීන්ට භාර දීමටයි කටයුතු කෙරුණේ. ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය හදුනාගැනීම සදහා ඩී එන් ඒ පරීක්ෂණයක් සිදු කර වහාම එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත දැනුම් දී තිබුණා. ගනේමුල්ල කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේ පිහිටි නිවසෙහි තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා විශාල පිරිසක් පැමිණියා.
දේහය පිළිබද අවසන් කටයුතු ගනේමුල්ල වැලිපිල්ලෑව සුසාන භූමියේ දී හෙට සිදු කිරීමට නියමිතයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 132 නෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ තරුණයින් දෙදෙනෙකු, සෙල්ෆි ඡායාරූපයක් ගත් පුද්ගලයා ඇතුලු සැකකරුවන් 26 දෙනෙකු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර දුන්නා. පන්ජාබ් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ඇතුලු තවත් 07 දෙනෙකු ද ගෙවුණු පැය 12 තුළ අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඉම්තියාස් අලියාස් බිල්ලි බවට ද හදුනාගෙන තිබෙනවා. ප්‍රියන්ත කුමාර මහතාට දරුණු ලෙස වද හිංසා කිරීමට මෙන්ම කර්මාන්තශාලාවේ පිරිස පෙළඹවීමට මෙම පුද්ගලයා මූලික වූ බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා බස් රථයකින් රාවල්පින්ඩි බලා ගමන් කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත්තේ. පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය උස්මාන් මුස්තාර්ගේ උපදෙස් මත මෙම සියලු පරීක්ෂණ සිදු කෙරෙනවා. නවීන තාක්ෂණය ද ඒ සදහා යොදා ගෙන ඇති බවයි පන්ජාබ් පොලිස්පති රාවෝ සර්දාර් අලි කාන් ප්‍රකාශ කළේ.
මේ අතර පාකිස්ථාන් ආරක්ෂක කවුන්සලයද අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබෙනවා. ඒ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමට සහ පරීක්ෂණ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමටයි. මෙම සිද්ධිය දැඩි ලෙස හෙලා දුටු කවුන්සිලය අන්තවාදී මැර ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට ද ප්‍රතිඥා දී තිබුණා. කිසිවෙකුටත් නීතිය අනිසි ලෙස භාවිත කිරීමට ඉඩ දිය නොහැකි බව මෙහිදී අවධාරණය කෙරුණා.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ විශේෂ නියෝජිතයෙකු ඇතුලු ආගමික නායකයින් රැසක් පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහාන් විජේවික්‍රම මහතා හමුවී සාකච්ඡා පැවැත්වුවා. අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එම නියෝජිතයින් කියා සිටියේ මෙවැනි මිලේච්ඡ ක්‍රියා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.
The post ප්‍රියන්තගේ වැටුප ඔහුගේ බිරිදට මාසිකව ලබාදෙන බවට පාකිස්ථාන අගමැතිගෙන් සහතිකයක් appeared first on ITN News.
Post a Comment