බුරුන්ඩි රාජ්‍ය යේ බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවුවන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගින්නෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කළ බවයි බුරුන්ඩි රාජ්‍යයේ උප ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. ශ්වසන අපහසුතා හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනෙක් 26 දෙනා දැඩි පිළිස්සුම් තුවාල හේතුවෙනුයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මිය ගිය රැදවුවන් අතරින් බහුතරයක් වයස්ගත පුද්ගලයින් බව සඳහන්. ඊයේ සන්ධ්‍යා කාලයේ දී මෙම ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මේ ආකාරයටම පසුගිය අගෝස්තු මාසයේ දී ද එම බන්ධනාගාරයේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්නක් හට ගත්තා.
The post බුරුන්ඩි රාජ්‍යයේ බන්ධනාගාරයක ගින්නකින් රැඳවුවන් 38 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment