Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළට  

Add comments

ඇමරිකාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය 24 ට ඇමරිකාවෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ අට දහසකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1722 ක්. ඒ සමඟම එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අට ලක්ෂ දොලොස් දහස ඉක්මවා ගියා. එමෙන්ම ඇමරිකාවෙන් මේ වනවිට හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන් කෝටි දෙලක්ෂ හැත්තැ දහසකට අධිකයි. මේ අතර ලොව පුරා රටවල් 222 කින් හමුවී ඇති සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසි හය කෝටි හැත්තැ හතර ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,286,553ක්.

 

 

The post ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG