Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානය ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ හෙලා අදට වසර 80යි  

Add comments

ජපානය ඇමරිකාවේ පර්ල් වරායට ගුවනින් බෝම්බ හෙලා අදට වසර 80 ක් සපිරෙනවා.

1941 වසරේ දෙසැම්බර් 7 වන දින ඇමරිකාවේ හවායි දූපතේ පිහිටා ඇති පර්ල් වරායට ජපානය ගුවනින් බෝම්බ හෙළනු ලැබුවා. එය ලෝක යුද ඉතිහාසයේ සිදුවූ දරුණුතම ආක්‍රමණය ලෙසයි යුද විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. එම ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ ඇමරිකා සෙබළුන් සංඛ්‍යාව 2400 කට ආසන්නයි.

දෙවන ලෝක යුද සමයේ යුරෝපා කලාපයේ පාලන බලය පිළිබද දැඩි අවදානයෙන් කටයුතු කළ ඇමරිකාවේ යුද ශක්තිය හීන කිරීමට මෙම ප්‍රහාරය සමත් වුණා. මෙමගින් පැසිපික් කලාපය තුළ ඇමරිකාව ගොඩ නගාගෙන සිටි යුද බලය බිද වැටුණු බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

කෙසේ වුවද පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට ක්‍රියාකාරි ලෙස එක් වුණා. ලොව මිලේච්ඡතම ප්‍රහාරයන් ලෙස සැලකෙන හිරෝෂිමා හා නාගසාකි නගරයන්ට පරමානු බෝම්බ  හෙළීම ඔවුන් සිදු කළේ ඉන් අනතුරුවයි.

 

The post ජපානය ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ හෙලා අදට වසර 80යි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG