නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ සිගරට් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පංචිකාවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගැනුණේ. ඒ මරදාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි. නිති විරෝධීව බදු මුදල් නොගෙවා මෙරටට රැගෙන ආ දුම්වැටි නවදහසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දුම්වැටි තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද දින මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ සිගරට් තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment