රාජගිරිය ප්‍රදේශයේදී 2016 වසරේ රිය අනතුරක් සිදු කර තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට තීරණය කෙරුණා.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අපරික්ෂාකාරී ලෙස ජීප් රථයක් පදවමින් නඩුවේ පැමිණිලිකාර තරුණයා අනතුරට ලක් කළ බවට චෝදනා එල්ල වුණා. විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිය මූලික විරෝධතා ගොනු කළා.
එම විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේ. නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සදහන් කළේ අධිකරණය නොමග යවා ඇතැයි පෙනී යන අවස්ථාවක ඊට එරෙහිව නඩු පැවරීමට පැමිණිල්ලට හැකියාව තිබෙනව බවයි.
එවැනි නඩුවක් විභාග කිරීමට අධිකරණයටද බාධාවක් නැති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ අනුව විත්තියේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවත් සදහන් කළා. විත්තියේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම නඩුවේ ස්වභාවය පිළිබද විස්තර කළා.
අනතුරට පත් තරුණයාගේ පියා අද දිනයේ අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා. සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ජනවාරි 11 වනදා තෙක් කල් තැබුනා.
The post මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් පාඨලීගේ නඩුව විභාගයට ගැනීමට තීරණය කරයි appeared first on ITN News.
Post a Comment